1970 න් පසු පළමුවරට ඔස්ට්‍රේලියාවේ මරණවලට ප්‍රධාන හේතු 05 අතරට බෝවන රෝගයක්

2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ දී සිදුවූ මරණවලට 03 වන ප්‍රධානතම හේතුව ලෙස කොවිඩ් 19 වෛරසය හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව සමස්ත මරණ 190,939 අතුරින් 9,859 කට හෙවත් මරණ 20 න් එකකට හේතුව කොරෝනා වෛරසය බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ මරණ සඳහා බලපාන හේතු අතර මුල් ස්ථාන 05 අතරට බෝවන රෝගයක් පත්වී ඇත්තේ 1970 වසරෙන් පසු පළමුවරට වීමද විශේෂත්වයක්.

මෙරට මරණ සඳහා හේතු අතර කොවිඩ් වෛරසය 2021 වසරේදී පසුවූයේ 33 වන ස්ථානයේ වන අතර 2020 වසරේදී ලැබී තිබුණේ 38 වන ස්ථානයයි.

2021 වසරට වඩා පසුගිය වසර තුළදී මෙරටින් මරණ 20,000 ක් වැඩිපුර වාර්තා වී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල දත්තවල සඳහන් වන්නේ.

තවදුරටත් මෙරට මරණ සඳහා බලපාන ප්‍රධානතම සාධකය බවට හඳුනාගෙන ඇත්තේ ඩිමෙන්ෂියා තත්වයයි.

පසුගිය වසඓර්දී සටහන්වී ඇති සියදිවි හානි කරගැනීම් සංඛ්‍යාව 3,249 ක්.

ඇල්කොහොල් සම්බන්ධ මරණ සංඛ්‍යාව 2021 වසරට වඩා 2022 දී සියයට 9.1 කින් ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

If you or anyone you know needs help:

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »