ධනුෂ්කට එරෙහි නඩු තීන්දුව අද

ඔස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවකට ලක්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරෙනවා.

සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදීයි මෙම නඩුව විභාග කෙරුණේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරටදී පැවති පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී dating ඇප්ලිකේෂනයක් හරහා හඳුනාගත් තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණා.

කෙසේවෙතත් එයින් 03 ක් පසුව ඉවත් කරගැනීමටයි ඔස්ට්‍රේලියානු නීති අංශ පියවර ගත්තේ.

තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීම යන චෝදනාව යටතේ පමණක් අනතුරුව මෙම නඩු විභාගය සිදු කෙරුණා.

ධනුෂ්ක ගුණතිලකට මුල් අවධියේදී සමාජ මාධ්‍ය තහනමක් මෙන්ම නවාතැන් ගෙන සිටින ස්ථානයෙන් පිටතට යාම පවා තහනම් කර තිබු නමුත් පසුව එම රෙගලාසි ලිහිල් කරනු ලැබුවා.

මෙම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලකට ක්‍රීඩා තරග තහණමක්ද පැණවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවේ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »