වික්ටෝරියා මීළග අගමැති ජසින්ටා ඇලන්

වික්ටෝරියා ප්‍රාන්තයේ මීළග අගමැති ලෙස ජසින්ටා ඇලන් තෝරා පත් කරගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ 49 වන අගමැති ලෙස 50 හැවිරිදි ඇය දිවුරුම්දීමට නියමිතයි.

ජසින්ටා ඇලන් මෙතෙක් වික්ටෝරියා නියෝජ්‍ය අගමැති ධුරයේ කටයුතු කල අතර පොදු ප්‍රවාහන සේවා ඇමති බෙන් කැරොල් නියෝජ්‍ය අගමැති තනතුරට පත් කර ගෙන තිබෙනවා.

බෙන්ඩිගෝ නැගෙනහිර ආසනය නියෝජනය කරමින් ජසින්ටා ඇලන් විසින් වික්ටෝරියා පාර්ලිමේන්තුවට පත්වූයේ 1999 වසරේදීයි.

පසුගිය වසරේ ජූනි මාසයේ සිට ඇය වික්ටෝරියා නියෝජ්‍ය අගමැති ධුරයටද පත්වුණා.

මෙතෙක් අගමැති ධුරයේ කටයුතු කල ඩැනියල් ඇන්ඩෲස් ගේ ඉල්ලා අස්වීම අද පස්වරු 05 සිට බලාත්මක වීමත් සමගයි වික්ටෝරියා අගමැති ධුරය පුරප්පාඩු වූයේ.

ඒ අනුව වික්ටෝරියා පාලක ලේබර් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් පැවති අතර එහිදී ජසින්ටා ඇලන් තෝරාගෙන තිබෙනවා.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »