Search

වික්ටෝරියා මීළග අගමැති තෝරා ගැනීමට පැවති සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ මීළග අගමැති තෝරා පත් කර ගැනීමට ප්‍රාන්ත ලේබර් පක්ෂ නියෝජිතයන් අතර පැවති අභ්‍යන්තර සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.

මීළග නායකත්වය සම්මුතියකින් තෝරා පත්කර ගැනීමට නොහැකි වුවහොත් රහස් ඡන්දයකින් තෝරා ගැනෙනු ඇති බවටයි දේශපාලන විචාරකයන් මත පළකර සිටින්නේ.

අද පස්වරු 05 න් පසු පුරප්පාඩු වන වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ධුරය සඳහා වික්ටෝරියා ලේබර් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර තියුණු සටනක් නිර්මාණය වී ඇති බවද සඳහන්.

ඉදිරි පැය කිහිපය තුළදී ප්‍රාන්ත ලේබර් පක්ෂ කණ්ඩායමේ රැස්වීම් කිහිපයක් පැවැත්වීමට නියමිත අතර එහිදී මිළග ප්‍රාන්ත අගමැතිවරයා තෝරා ගනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

දැනට එම සටනේ ඉදිරියෙන්ම පසුවන්නේ වත්මන් වික්ටෝරියා නියෝජ්‍ය අගමැතිනිය වන ජසින්ටා ඇලන්.

ධුරයෙන් ඉවත්ව යන අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ සමීපතමයෙකු ලෙස සැළකෙන ඇය බොහෝ දුරට මීළග අගමැතිනිය ලෙස පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් ප්‍රාන්ත ඇමතිවරුන් වන බෙන් කැරොල් ඇතුලූ පිරිසක්ද අගමැති ධූරය අපේක්ෂාවෙන් සිටින බව සඳහන්.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »