
අවධානම් සහගත වෛරසයක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පැතිරයමින් පවතින බවට සෞඛ්‍ය විශේෂයෙන් අනතුරු අගවනවා.
ආශ්වාස – ප්‍රශ්වාසය හරහා ව්‍යාප්ත වන මෙය කොවිඩ්-19 සහ ඉන්ෆ්ලුවන්සා රෝගී තත්වයන් අභිබවා මෙවර වසන්ත සමයේදී (spring) පැතිරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
HMPV ලෙස නම් කර ඇති මෙම වෛරසය සියලුම වයස් කාණ්ඩවල පුද්ගලයන්ට වැළඳිය හැකි බවත් වයස අවුරුදු 05 ට අඩු ළමුන්ට සහ ප්‍රතිශක්තීකරණ දුර්වලතා සහිත පුද්ගලයන්ට වැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටත් අනතුරු ඇගවෙනවා.

සතියකට පෙර මෙම වෛරසය ආසාධිතයන් හඳුනාගෙන තිබුණේ 640 ක් පමණක් වන නමුත් මෙම සතියේදී එය 1,168 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හැකි සෑම අවස්ථාවකදිම මුව ආවරණයයක් පළඳින ලෙසටයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

HMPV වෛරසය සඳහා මෙතෙක් කිසිදු නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් නිපදවා නොමැතිවීමද විශේෂත්වයක්.