ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 5.2% දක්වා නැවතත් ඉහළට

මාස 04 ක් පුරා අඩුවෙමින් පැවති ඔස්ට්‍රේලියාවේ උද්ධමනය නැවතත් ඉහළගොස් තිබෙනවා.

අගෝස්තු 31 වනදායින් අවසන්වූ මාසය තුළ උද්ධමනය සියයට 5.2 දක්වා වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම දත්තවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මාසයේදී එය සියයට 6.7 ක් ලෙස පැවති අතර ජූලි මාසයේදී සියයට 4.9 ක් දක්වා පහළ බැස තිබුණා.

ගතවූ වසර 04 ක කාලය සැළකීමේදී ඉහළම උද්ධමනය ලෙස සියයට 8.4 ක් සටහන් වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි.

උද්ධමනය යළිත් ඉහළයාමට නිවාස මිළ – ප්‍රවාහන ගාස්තු – ආහාර පාන මිළ ගණන් සහ රක්ෂණ ඇතුලු මූල්‍ය සේවා පිරිවැය ඉහළයාමද සෘජුව බලපා ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.

එමෙන්ම අගෝස්තු මාසයේදී ඉන්ධන මිළ සියයට 9.1 කින් වැඩිවීමද ප්‍රධාන හේතුවක්.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »