කෑගල්ලේ වෙද මහතා කොවිඩ් පැණිය බෙදීම අත් හිටුවයි!
තමාගේ කොවිඩ් මර්ධන පැණිය බෙදීම අත් හිටුවීමට තීරණය කළ බව කෑගල්ලේ ධම්මික වෙද මහතා ඊයේ පස්වරුවේ එහි රැස්ව සිටි පිරිසට පැවසීය.
ඒ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වරයාගේ කැඳවීමක් අනුව ඔහු හමුවීමෙන් පසුවයි.
එහිදී උපදෙස් ලැබී ඇත්තේ අදාල වෛද්‍ය විශේෂඳ වාර්තා ලැබෙන තුරු අදාල පැනිය බෙදාදීම නවත ලෙසයි.
ඒ අනුව ඖෂධය බෙදීම ඊයේ පස්වරුවේ නතර කෙරිණ.
ඊයේ පෙරවරුවේ එම වෙදමහතාගේ දේවාලයට දහස් ගණනක් රැස්වූයේ එම ඖෂධය නොමිලේ පන්දහසකට බෙදා දෙන බවට වෙදමහතා කර තිබූ ප්‍රචාරය හේතුවෙනි.
(Image: DailyMirror)