වික්ටෝරියා අගමැති පුටුවට තියුණු සටනක් – ජසින්ටා ඇලන් ඉදිරියෙන්

අද පස්වරු 05 න් පසු පුරප්පාඩු වන වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ධුරය සඳහා වික්ටෝරියා ලේබර් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා.

අද දිනය තුළ ප්‍රාන්ත ලේබර් පක්ෂ කණ්ඩායම රැස්වී මිළග ප්‍රාන්ත අගමැතිවරයා තෝරා ගනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

දැනට එම සටනේ ඉදිරියෙන්ම පසුවන්නේ වත්මන් වික්ටෝරියා නියෝජ්‍ය අගමැතිනිය වන ජසින්ටා ඇලන්.

ධුරයෙන් ඉවත්ව යන අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ සමීපතමයෙකු ලෙස සැළකෙන ඇය බොහෝ දුරට මීළග අගමැතිනිය ලෙස පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් ප්‍රාන්ත ඇමතිවරුන් වන බෙන් කැරොල් ඇතුලු පිරිසක්ද අගමැති ධූරය අපේක්ෂාවෙන් සිටින බව සඳහන්.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »