ක්වීන්ස්ලන්ඩ් Go card හිමියන්ට විශේෂ දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් පොදු ප්‍රවාහන සේවා සඳහා නව ස්මාර්ට් ටිකට්පත් ක්‍රමය හදුන්වාදීමට පෙර ගෝ කාඩ්පත් පරිශීලකයින් ට ඉතිරි මුදල් ආපසු ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

නව ස්මාර්ට් ටිකට්පත් ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැරණි කාඩ්පත් මගින් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

කෙසේවෙතත් නව ස්මාර්ට් ටිකට්පත් සදහා මගීන් හුරුවන තෙක් ගෝ කාඩ්පත් භාවිත කිරීමට හැකිවනවා.

2022-23 වසර තුළදී වසර 05 ක් පුරා අක්‍රීයව පැවති කාඩ්පත්වල ඉතිරිව පැවති ඩොලර් මිලියන 08 කට ආසන්න මුදලක් ට්‍රාන්ස් ලින්ක් සේවා වෙත හුවමාරු කර තිබුණා.

කල් ඉකුත්වන ගෝ කාඩ්පත් සඳහා ඩොලර් 9.29 ක සාමාන්‍ය මුදලක් ගෙවන අතර ලබා ගත හැකි ඉහළම මුදල ඩොලර් 250ක්

අදාල මුදල් ආපසු ලබා ගැනීම සදහා ගෝ කාඩ්පත ට්‍රාන්ස්ලින්ක් පද්ධතියේ ලියාපදිංචිව තිබීම හා කාඩ්පත් තමන් ලග තිබීම අනිවාර්ය වනවා.

මගීන් වැඩි පිරිසක් තවමත් පොදු ප්‍රවාහන සේවා සදහා පැරණි ගෝ කාඩ්පත් භාවිත කරන නමුත් දුමිරිය සේවාවන් සදහා ස්මාර්ට් ටිකට්පත් භාවිත කරන ප්‍රමාණය සියයට 15 කින් වර්ධනය වී තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »