ශ්‍රී ලංකාවේ ලාබාලතම කොරෝනා මරණය වාර්තා වේ.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඊයේ අළුයම් කාලයේදී ඇතුලත් කරනු ලැබූ දින 20ක් පමණ වයසැති බිලිඳෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කර සිටිනවා.
මෙම බිලිඳා රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කරනු ලබන අවස්ථාවේදී තදබල නියුමෝනියා තත්ත්වයෙන් සිට ඇති බවත් සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිට ඇති බවට ද තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.
මෙම බිලිඳාගේ දෙමව්පියන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට ද සිදුකළ පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ.