Search

පංති කාමර තුළට දේශපාලනය ගෙන ආ බවට වික්ටෝරියා පාසල් 02 කට එරෙහිව පැමිණිලි

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළව පංති කාමර තුළට දේශපාලනය රැගෙන ආ බවට වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් 02 කට එරෙහිව පැමිණිලි ලැබී තිබෙනවා.

යෝජනාවට එරෙහි පාර්ශවය හෙවත් කඳවුර නියෝජනය කරන සෙනෙට් මන්ත්‍රීනියක විසින් සිසුන් ඇමතීමට උත්සාහ දැරීමක් ද ඒ අතර වනවා.

එමෙන්ම පාර්ශවයට සහය පිණිස වන පණිවිඩ පාසල් දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන්ද පැමිණිල්ලක් ලැබී ඇතැයි වික්ටෝරියා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කලා.

මෙම පැමිණිලි යොමු කර ඇත්තේ අදාළ පාසල්වල අධ්‍යාපනය හදාරන සිසුන්ගේ දෙමව්පියන් විසින් බවයි පැවසෙන්නේ.

සිය පාසලේ අධ්‍යාපනය හදාරන උසස් පංතිවල සිසුන් දැනුවත් කිරීමක් පමණක් එක් අවස්ථාවකදී සිදුවී ඇති බව එක් සිද්ධියකට සම්බන්ධ පාසලක විදුහල්පතිවරයෙකු පවසා තිබුණා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සියලු පාසල් නිසි රෙගුලාසි අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කර තිබෙනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »