NRMA විද්‍යුත් මෝටර් රථ ආරෝපණය නොමිළයේ දීම නවතා දැමේ – නව ගාස්තු ක්‍රමයක් එයි

විද්‍යුත් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන භාවිතයේදී නොමිළයේ සේවා ලබාදීම අත්හිටුවා ගෙවුම් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

2017 වසරේ සිට ආරම්භ වු ආරෝපණ මධ්‍යස්ථාන පහසුකම් මේ වන තෙක් නොමිලේ ලබා දීමටයි පියවර ගෙන තිබුණේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආරෝපණ මධ්‍යස්ථාන 03 ක් තුළ මූලික අධියර යටතේ ගෙවීම් ක්‍රමවේද ඊයේ සිට ක්‍රියාත්මක වනවා.

ඉදිරි මාස කිහිපය තුළ ප්‍රාන්තය පුරා පිහිටි ආරෝපණ මධ්‍යස්ථාන 100 කට නව ගෙවුම් ක්‍රමවේද හදුන්වා දීමට නියමිතයි.

ඒ අනුව NRMA ඇප්ලිකේෂණය හරහා ගෙවීම් සිදු කිරීමට රියදුරන්ට අවස්ථාව හිමිවනු ඇති.

ආරෝපණ ධාරිතාව කිලෝ වොට් 150 දක්වා වන වාහන සඳහා ඩොලර් ශත 54 ක් සහ කිලෝ වොට් 175 දක්වා වන වාහන සදහා ශත 59 ක මුදලක් මේ යටතේ අයවනු ඇති.

NRMA සංගමය සදහන් කළේ ඉදිරියේ දී සිය සාමාජිකයින් ට සියයට 10 ක වට්ටමක් හදුන්වා දීමට අපේක්ෂිත බවයි.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »