ශ්‍රම හිඟය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පලතුරු හා එළවළු මිල අහස උසට!

ශ්‍රම හිඟය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පලතුරු හා එළවළු මිල අහස උසට!

කොරෝනා වසංගතය හේතුවෙන් ගිම්හානයේදී නැවුම් පලතුරු හා එළවළු සියයට 25 කින් ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර සංචාර සීමා කිරීම නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෘතුමය අස්වැන්න කපන කාර්ය මණ්ඩලය විශාල ලෙස හිඟ වීමයි.

“අපි සාමාන්‍යයෙන් බැක්පැකර් භාවිතා කරනවා. නමුත් මෙවර එක් පුද්ගලයෙකුවත් විදේශයන් ගෙන් ගෙන්වා ගැනීමට නොහැකි වුණා ” එක් ගොවියෙකු අදහස් පල කලේය​. .

එය නිෂ්පාදකයින්ට වැඩි වියදමක් දැරීමට පමණක් නොව, පාරිභෝගිකයින් ද හිඟය සඳහා ගෙවීමට සිදු වනු ඇත​.

නැවුම් පලතුරු හා එළවළු වල මිල මෙම ගිම්හානයේදී සියයට 15 සිට 25 දක්වා ඉහළ යනු ඇත.

සෘතුමය එළවළු, පළතුරු සහ මිදි විශාලතම වැඩිවීමට මුහුණ දී සිටී.

NSW ගොවීන්ගේ ප්‍රධාන විධායක නිලධාරී පීට් ආර්ක්ල් පැවසුවේ යථාර්ථය නම් මෙම කන්නයේ බෝග අස්වනු නෙලීමට ඔවුන්ට ප්‍රමාණවත් පුද්ගලයින් නොමැති බවයි.

(7News)

 

 

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »