ස්වදේශීක හඩ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ පාර්ලිමේන්තු කමිටුවක්

ස්වදේශීක හඩ ජනමත විචාරණය ජයග්‍රහණය කළහොත් එහි අන්තර්ගත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නව ඒකාබද්ධ පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන බවට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී ස්වදේශික ජනයා වෙනුවෙන් අදාළ නීති සම්පාදනය සහ උපදේශණ කටයුතු එම ඒකාබද්ධ පාර්ලිමේන්තු කමිටු අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතයි.

සියලූ පක්ෂ නියෝජනය වන පරිදි නව කමිටුව පිහිටුවන අතර නීති සම්පාදනයේදී උපරිම සහයෝගය ලබා ගැනීම අරමුණ බවයි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සදහන් කළේ.

මේ සම්බන්ධව විපක්ෂ නායක පීටර් ඩට්න් සමගද සාකච්ඡා කර ඇතැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් විපක්ෂය චෝදනා නගන්නේ එවැනි කමිටුවක් පත් කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි.

මීට පෙරද ස්වදේශික ආදිවාසි ජනතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු ආරම්භ කර තිබුණ ද ඒමගින් ස්වාධීන සේවාවක් සිදු නොවුන බවයි විපක්ෂය පෙන්වා දෙන්නේ.

ස්වදේශීක හඩ ජනමත විචාරණය එළඹෙන ඔක්තෝබර් 14 වනදා පැවැත්වීමට නියමිතව පවතිනවා.

සෞඛ්‍ය සේවා මෙන්ම ආගමික කණ්ඩායම් ඇතුලූ කණ්ඩායම් 125 ක් ස්වදේශීය හඩ ජනමත විචාරණයට පක්ෂව ඡන්දය පල කරන බවයි අනාවරණය වී ඇත්තේ.

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »