වික්ටෝරියා පැරණි නිවාස සංකීර්ණ කැඩීමේ විරෝධතා පහව යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් පැරණි නිවාස සංකීර්ණ කඩා දමා අලුතින් ඉදි කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් පැවති විවේචන ඉවත්ව තිබෙනවා.

මෙලෙස නිවාස සංකීර්ණ කඩා දැමීම සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය ගෙනා යෝජනාවට ඇතැම් පාර්ශව මීට පෙර සිට විරෝධය පළ කර තිබුණා.

කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අර්බුධයට පිළියම් වශයෙන් ඉදිරි වසර 10 තුල නිවාස 800,000 කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දැනට පවතින නිවාස සංකීර්ණ වඩාත් ලාභදායී ලෙස ප්‍රතිසංස්කරණ නොකිරීම සම්බන්ධයෙන් ද ඇතැම් පාර්ශව චෝදනා නගා තිබුණා.

අදාළ නිවාස සංකීර්ණ වල දැනට එම ජීවත් වන ජනතාව ප්‍රතිසංස්කරණ සිදුකර අවසන් වෙන තෙක් වෙනත් ස්ථාන වෙත යොමු කිරිමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

වික්ටෝරියා අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෘස් පවසන්නේ ජනතාවට දැරිය හැකි මිල ගණන් යටතේ නව නිවාස යෝජනා ඇති කිරීම මෙහි අරමුණ බවයි.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »