ක්වන්ටාස් ඉන්ධන පිරිවැය $ බිලියන 2.8 දක්වා ඉහළට / ගුවන් ගාස්තු වැඩිවීමක අනතුරු ඇගවීමක්

ක්වන්ටාස් හි ඉන්ධන පිරිවැය ඉහළ යාමත් සමග ගුවන් ගාස්තුවල වැඩිවීමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

මෙම වසරේ මැයි මස සිට ඉන්ධන මිල සියයට 30 කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය මාසයේ දී පමණක් සියයට 10 කින් ඉන්ධන මිල වැඩිවී තිබුණා.

ලෝක ඉන්ධන මිළ ඉහළ යාම මෙන්ම ඔස්ටේ්‍රලියානු ඩොලරයේ පහළයාම මීට ප්‍රධාන හේතු ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව දැනට පවතින ඉන්ධන පිරිවැය ඉදිරියේදී තවත් ඩොලර් මිලයන 200 කින් පමණ වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එසේවුවහොත් ඉදිරි මූල්‍ය වර්ෂයේදී ක්වන්ටාස් ගුවන් සමාගමේ මුලු ඉන්ධන පිරිවැය ඩොලර් බිලියන 2.8 ක් දක්වා ඉහළ යනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

කෙසේවෙතත් පාරිභෝගිකයින් හට අසාධාරණයක් නොවන පරිදි සෑම වෙනස්කමක්ම සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ක්වන්ටාස් සමාගම නිවේදනය කළේ.

ලබන වසර තුළ කාර්තුවකදී දේශීය හා ජාත්‍යන්තර සේවා 35,000 ක් දක්වා වැඩි දියුණු කරමින් ගුවන් මගින් මිලියන 4 කට සේවා සැපයීම අපේක්ෂිත බවයි ක්වන්ටාස් සමාගම සදහන් කළේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »