Search

ජෙට් ස්ටාර් ගුවන්යානයක බීමතින් කළහ කල අයෙකුට $ 31,300 ක දඩයක්

ජෙට් ස්ටාර් ගුවන් යානයක බීමතින් කළහකාරීව හැසිරුණු ගුවන් මගියෙකුට ඩොලර් 31,300 ක දඩයක් නියමවන ළකුණු පළවී තිබෙනවා.

පර්ත් සිට සිඩ්නි දක්වා ඊයේ පස්වරුවේ ගමන් කරමින් තිබූ ගුවන් යානයකයි ඔහු මෙලෙස කළහකාරීව හැසීරි ඇත්තේ.

ගුවන් ගතවී විනාඩි කිහිපයක් තුළ මෙම සිදුවීම හමුවේ යානය නැවතත් ආපසු පර්ත් දක්වා හරවාගෙන පැමිණීමටයි නියමුවා කටයුතු කර තිබුණේ.

එහිදී ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් 33 හැවිරිදි අදාළ ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබුණා.

චෝදනා 02 ක් මොහුට ගොණු කර ඇති අතර එක් චෝදනාවකට ඩොලර් 15,650 ක දඩයක් නියම කල හැකියි.

මේ අතර එයාර් වනවාටු ගුවන් සේවය විසින් හදිසියේම ගුවන් වාර රැසක් අවලංගු කිරීමෙන් ඔස්ටේ්‍රලියානුවන්ද ඇතුලු විශාල පිරිසක් දින කිහිපයක සිට එරට දැඩි අපහසුතාවයකට ලක්ව සිටිනවා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »