
ඉහළ ගුණාත්මක පාරිභෝගික සේවාවක් සැපයීමේ අරමුණින් ඩොලර් මිලියන 80 ක මුදලක් වෙන් කිරීමට ක්වන්ටාස් ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඩොලර් බිලියන 2.47 ක වාර්තාගත ලාභයක් ලැබීමෙන් පසු ඔවුන් විසින් නව පහසුකම් සැපයීම අරමුණු කරගෙනයි මෙම තීරනය ගෙන ඇත්තේ.
පසුගිය වසරේ දී ක්වන්ටාස් ගුවන් සමාගමට එරෙහි පාරිභෝගික පැමිණිලි සංඛ්‍යාව සියයට 70 කින් ඉහළ ගොස් තිබුණා.

කෙසේවෙතත් මේ වන විටත් ක්වන්ටාස් සමාගම පහසුකම් ඉහළ නැංවීම සඳහා මෙම වසර වෙනුවෙන් ඩොලර් මිලියන 150 ක මුදලක් වාර්ෂික අයවැයෙන් වෙන් කර තිබෙනවා.
ගුවන් ගමන් වාර වැඩි කිරීම, ගුවන්යානා ආසන ප්‍රමාණය ඉහළ දැමීම, දුරකතන ඇමතුම් සේවා කාර්යක්ෂම කිරීම මෙන්ම වැඩි දියුණු කරන ලද ආහාර සැපයුම් නව වැඩපිළිවෙල යටතට ඇතුලත්.

ඒ අනුව නව ගුවන් ගමන් වාර 50 ක් මේ යටතේ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර එය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 12 ක ඉහළයෑමක් බව ද සඳහන්.
බ්‍රිස්බන් සිට ටෝකියෝ සහ බ්‍රිස්බන් සිට සොලමන් දූපත් දක්වා නව ගුවන් මාර්ග දෙකක් මේ යටතේ හඳුන්වාදීමට ද නියමිතයි.
කෙසේ වෙතත් ලබන වසරේ ක්වන්ටාස් හි ඉන්ධන පිරිවැය ඩොලර් මිලියන 200 ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවද බළධාරීන් පෙන්වා දී තිබෙනවා.