විශ්‍රාමිකයන්ට නැවත රැකියා කිරීමට සහන – work bonus ශේෂයත් ඉහළ දැමේ

ඔස්ට්‍රේලියාව තුළ රැකියාවල නියුතු වීමට අදාළ සංශෝධන කිහිපයක් ෆෙඩරල් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රම බලකාය පුලුල් කිරීමේ අරමුණින්, දැනට විශ්‍රාම ගොස් සිටින එහෙත් නැවතත් රැකියාවක නිරත වීමට කැමති පුද්ගලයන් හට ලබාදෙන දීමනා ඉහළ නැංවීමටයි යෝජනා වී ඇත්තේ.

ඊට අමතරව දැනටමත් Jobseeker වැනි දීමනා ලබන පිරිස් වෙත හිමිවන සහන කාලසීමාවන්ද ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා.

විශ්‍රාම වැටුප් සඳහා අලුතින් සුදුසුකම් ලබන්නන් සඳහා work bonus ශේෂය ඩොලර් 4,000 දක්වා ඉහළ දැමීමටයි ෆෙඩරල් රජය සැලසුම් කරමින් සිටින්නේ.

දැනටමත් විශ්‍රාම වැටුප් ලබන පිරිස් සඳහා එම ශේෂය ඩොලර් 7,800 සිට ඩොලර් 11,800 දක්වා ඉහළ දැමෙනු ඇති.

පාර්ලිමේන්තුවේදී අදාළ සංශෝධන සම්මත වුවහොත් ලබන ජනවාරි 01 දා සිට බලාත්මක කිරීමටයි රජය සූදානමින් පසුවන්නේ.

2026-27 වසර සඳහා ෆෙඩරල් රජය විසින් මේ වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 85 ක්.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »

ACT පාසල් පංති කාමර තුළද ජංගම දුරකථන තහනම් කරයි

ACT ප්‍රාන්තයේ පොදු පාසල්වල පංති කාමර තුළ ජංගම දුරකථන සහ ස්මාර්ට් වොච් වැනි අනෙකුත් පුද්ගලික සන්නිවේදන උපාංග භාවිතය ලබන වසරේ පළමු වාරයේ සිට තහනම් කර තිබෙනවා.

Read More »