Search

NSW නීති විරෝධී e-දුම්වැටි පාලනයට $ මිලියන 6.8 ක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නීති විරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි අලෙවිය සහ භාවිතය පාලනයට නීති දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි වසර තුනක කාලය තුළදී ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 6.8 මුදලක් වෙන් කිරීමටයි ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

එම මුදලින් ඩොලර් මිලියන 4.3 ක් අදාළ වැටලීම් සදහා ද ඉතිරි ඩොලර් මිලියන 2.5 ඉලෙක්ට්‍රොනික දුම්වැටි සදහා ඇබ්බැහිවුවන් මුදවා ගැනීමේ සහන සේවා වෙත ද යොමු කිරීමට නියමිතයි.

සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ තරුණ ප්‍රජාව අතර සීඝ්‍ර ලෙස ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව ඉලෙක්ට්‍රොනික දුම්වැටි සදහා ඇබ්බැහි වු තරණ ප්‍රජාව ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය නංවාලීම එහි අරමුණයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය වසරේ අත්අඩංගුවට ගත් නීති විරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි ප්‍රමාණය 61,000 කට ආසන්න වන අතර මෙම වසරේ මේ දක්වා කාලයේදී අත්අඩංගුවට ගත් ප්‍රමාණය 187,000 දක්වා වර්ධනය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 11.8 ක්.

මේ අතර ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරීම සදහා ඩිජිටල් වේදීකාවක් ද නිර්මාණය කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සදහා ඇබ්බැහි වු තරණ ප්‍රජාව අතර පෙනහලූ ආශ්‍රිත ආබාධ, අක්ෂි ආබාධ බහුලව දක්නට ලැබෙන බවයි.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »