Search

මෙල්බන් උතුරු ප්‍රදේශ කිහිපයකට තරමක භූ චලනයක්

මෙල්බන් නගරයේ උතුරු ප්‍රදේශ කිහිපයකට තරමක භූ චලනයක් හටගෙන තිබෙනවා.

මෙල්බන් CBD සිට කිලෝමීටර් 20 ක් පමණ දුරින් පිහිටි රොක්ස්බර්ග් පාර්ක් ඇතුලු තදාසන්න ප්‍රදේශ කිහිපයකට අද අලුයම 04.30 ට පමණ මෙම චලනය හටගෙන ඇති බව සඳහන්.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 2.2 ක් ලෙසයි.

මෙහිදී කිසිදු ජීවිත හෝ දේපළ හානික් සටහන්වී නොමැති බවයි ඔස්ටේ්‍රලියානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය සඳහන් කලේ.

භූ චලනයේ අපකේන්ද්‍රය සටහන් වී ඇත්තේ පොළව අභ්‍යන්තරයේ සිට කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරකන් බවද වාර්තා වනවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »