Search

ජනමත විචාරණයේ “YES” කඳවුරට සහය පළකරන ප්‍රතිශතය තවත් පහළට

ස්වදේශික හඩ ජනමත විචාරණයේදී YES කඳවුර වෙත සහය පළකරන ප්‍රතිශතය තවත් අඩු වී තිබෙනවා.

Newspoll ආයතනය විසින් සිදුකර ඇති නවතම මත විමසුමක දැක්වෙන්නේ මේ වනවිට යෝජනාවට පක්ෂ පිරිස සියයට 36 ක් වැනි පහළ අගයකට අඩු වී ඇති බවයි.

මීට සමගාමීව යෝජනාවට විරුද්ධ හෙවත් NO කඳවුර වෙත සහය පළකරන පිරිස සියයට 56 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කාන්තා සහ තරුණ ප්‍රජාව විසින් යෝජනාවට පක්ෂව සහය දැක්වීම කැපී පෙනෙන ලෙස පහළයමින් ඇති බවද අනාවරණය වී තිබීම විශේෂත්වයක්.

ස්වදේශික හඩ ජනමත විචාරණයට ඇත්තේ තවත් දින 20 ක කාලයක් පමණයි.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »