Northern Territory ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවකට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.
56 හැවිරිදි කාන්තාවකට මෙලෙස චෝදනා ගොණු කර ඇති බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.
ලබන ඔක්තෝබර් 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා චූදිත කාන්තාවට ඇප නියම කර මුදා හැර තිබෙනවා.
Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය සාමාන්‍යයෙන් සෑම ඉරිදා දිනයකම වෙළඳසැල් වෙත පැමිණෙන බවද සඳහන්.
ඇයට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.