ස්වදේශික හඩ ජනමත විචාරණයට සහය පළකරමින් සෞඛ්‍ය සංවිධාන 50 කට වැඩි සංඛ්‍යාවක් ලේඛණයකට අත්සන් තබා තිබෙනවා.
ඇබොරිජීන් ඇතුලු ස්වදේශික ජන කොටස් වෙත ඉහළ සෞඛය පහසුකම් අත්කරදීම අරමුණු කරගනිමින් එම තීරණය ගත් බවයි ඔවුන් නිවේදනය කර සිටින්නේ.
මෙම සෞඛ්‍ය සංවිධාන අතුරින් බහුතරයක් වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරන සෞඛ්‍ය සේවක සේවිකාවන්ගෙන් සමන්විත වීමද විශේෂත්වයක්.
ස්වදේශික හඩ ජනමත විචාරණය සම්මත වුවහොත් මෙරට ආදිවාසි ජනතාවට සෞඛ්‍ය පහසුකම් වැඩි වශයෙන් හිමිවනු ඇතැයි සෞඛ්‍ය සේවකයන් සම්බන්ධ කරගනිමින් සිදුකල සමීක්ෂණයකදී සියයට 76 ක් අදහස් දක්වා තිබුණා.
ඒ හරහා ඔවුන් මුහුණ දී සිටින ඖෂධ හිගය – වෛද්‍ය හිගය ඇතුලු සෞඛ්‍ය ගැටලු රැසකට විසඳුම් ලැබෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.