වසරකදී ඔස්ට්‍රේලියාව තුළ වාහන මිළ 11% කින් පහළට

මාස කිහිපයක් පුරා අඩාල වී තිබූ ඔස්ට්‍රේලියානු වාහන වෙළඳපොළ නැවතත් යථා තත්වයට පත්වෙමින් ඇති බවට වාර්තා වනවා.

නවීන වාහන වරායන්ගෙන් නිදහස් කිරීමෙහි ප්‍රමාදයක් පසුගිය මාසවලදී පැවති අතර මේ වනවිට එය ක්‍රම ක්‍රමයෙන් නිරකරණය වෙමිනුයි පවතින්නේ.

නව වාහන වෙළපොළට පැමිණීමේ ප්‍රමාදයන් හමුවේ භාවිත කරන ලද වාහන අලෙවියෙහි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබූ බවයි වාහන ආනයන නියෝජිතයන් පවසා සිටින්නේ.

මෙම සියලු කරුනු සැළකීමේදී පසුගිය සසරට වඩා මෙම වසරේ මුල් කාර්තුවේදී වාහන අලෙවිය සියයට 30 කින් පමණ වැඩිවී ඇති බව සඳහන්.

එමෙන්ම මෙම වසරේ ජූලි මාසයේදී වාහන මිළ ගණන් පසුගිය වසරේ ජූලි මාසයට වඩා සියයට 11.3 කින් පමණ පහළ ගොස් ඇති බවටද ගණන් බලා තිබෙනවා.

කෙසේවෙතත් කොවිඩ් වසංගතය එළැඹීමට පෙර 2019 වසරේ අගෝස්තු මාසයේ පැවති වාහන මිළ ගණන් හා සසඳා බැලීමේදී අද වනවිට සියයට 49 ක ඉහළයාමකුයි සටහන් වන්නේ.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »