ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ගුරුවරුන් ලෙස මෙතෙක් පූර්ණ සුදුසුකම් ලබා නොමැති තවමත් පුහුණුවන 888 දෙනෙකුට ක්වීන්ස්ලන්ඩ් ගුරු විදුහල විසින් පසුගිය වසරේදී එම අනුමැතිය ලබාදී තිබුණා.

මෙම පිරිසෙන් සියයට 95 ක්ම ගුරු උපාධිය හදාරන අය වන අතර ඉතිරි සියයට 05 වෙනත් උපාධි හදරන්නන් බව සඳහන්.

කෙසේවෙතත් 2021 වසරේදී මෙම සංඛ්‍යාව පැවතියේ 363 ක් ලෙස වන අතර 2020 වසරේදී 211 ක් සහ 2019 දී 177 ක් ලෙසයි පැවතී ඇත්තේ.

2018 වසරේදී එලෙස අවසරය ලබාදී තිබුණේ 129 දෙනෙකු වැනි ඉතා සුලු පිරිසකට පමණයි.

මෙම වසරේ පළමු කාර්තුවේදී පමණක් මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් 299 දෙනෙකුට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති අතර වසර අවසානය වනවිට එය 1,000 ඉක්මවා යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

පවතින උග්‍ර ගුරු හිගය මගහරවා ගැනීම සඳහා මෙම විකල්පය අනුගමනය කිරීමට සිදුවූ බවයි ක්වීන්ස්ලන්ඩ් ගුරු විදුහල අවධාරණය කරන්නේ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »