ලබන මස 14 වනදා පැවැත්වෙන ස්වදේශික හඩ ජනමත විචාරණය සඳහා වඩාත් දුෂ්කර ප්‍රදේශ වෙත මැතිවරණ නිළධාරීන් පිටත්කර හැරීම අදින් ආරම්භ වන සතියේ සිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව ගුවන් මාර්ගයෙන් – බෝට්ටු සහ ගෙඩබිම් මාර්ග වෙතින් ඡන්ද මධ්‍යස්ථාන 750 ක් ආවරණය වන පරිදි නිළධාරීන් කණ්ඩායම් 61 ක් පිටත්කර හැරෙනු ඇති.
පූර්ව ඡන්ද ප්‍රකාශය ලබන සතියේ සිට ආරම්භ කිරීම පහසු කිරීම සඳහායි මෙලෙස නිළධාරීන් යොමු කෙරෙන්නේ.
මෙම ජනමත විචාරණය සඳහා මිලියන 17 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී සිටින අතර ස්වදේශික ජනතාවගෙන් ඉහළම ප්‍රතිශතයක් මෙවර සටහන්වීමද විශේෂත්වයක්.
එමෙන්ම තරුණ ප්‍රජාවද ඉහළ අගයකින් මැතිවරණයට ලියාපදිංචි වී ඇති බවයි මැතිවරණ කොමිසමේ සංඛ්‍යාලේඛණ සඳහන් කලේ.