මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින කැන්බරා හිදී පැවැත්වෙන ජාතික ලැව්ගිනි සූදානම් සමුලුව සඳහා සංවිධාන 200 කට ආසන්න සංඛ්‍යාවක් කැඳවා ඇති බවයි ඔහු සඳහන් කලේ.

2019-2020 වසරවලදී ඇතිවු දරුණු ලැව්ගිනි තත්වයකට පත් නොවීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතයි.

නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රදේශ රැසකට මෙවර ලැව්ගිනි අවධානම ඉහළ මට්ටමකයි පවතින්නේ.

ජීවිත සහ දේපළ හානි අවම කරගැනීම පිළිබඳ මූලිකම අවධානය යොමුකර ඇති බවයි ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් සඳහන් කලේ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »