
හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.
මෙම සත්කාරය වෙනුවෙන් තමන්ට ඩොලර් 1,091 ක මුදලක් වැයවු බවටයි පැමිණිලිකාරිනිය විසින් චෝදනා කර තිබුණේ.
එහෙත් දින කිහිපයකින් තම කොණ්ඩය මුලුමණින්ම වර්ණ වෙනසකට ලක්වී විනාශ වී ගිය බව ඇය පෙන්වා දී තිබුණා.

ඒ අනුව සමස්ත වන්දිය ලෙස ඩොලර් 12,000 ක මුදලක් ඇය විසින් ඉල්ලා තිබුණද බේරුම්කරණ නිළධාරීන් විසින් නියම කර ඇත්තේ ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසටයි.
අදාළ කොණ්ඩ සැකසුම් ශිල්පිනියද මේ පිළිබඳ අදහස් දක්වා තිබුණා.

සේවාදායක කාන්තාවගේ පූර්ණ අනුමැතිය යටතේ පමණක් සියලු සත්කාරයන් සිදුකල බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.