National skills passport හෙවත් ජාතික කුසලතා බලපත් ක්‍රමවේදය හඳුන්වාදීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.
රැකියා අපේක්ෂිතයන්ට සේවා යෝජකයන් සමග තම සුදුසුකම් සහ නිපුණතාවයන් ඔන්ලයින් ක්‍රමයට හුවමාරු කර ගැනීමට ඒ හරහා අවස්ථාව උදාවනු ඇති.
Medicare ඇප්ලිකේෂනය හා සමාන අයුරින් මෙය ක්‍රියාත්මක වන අතර ඩිජිටල් ක්‍රමයට වාර්තා පවත්වාගෙන යාමටයි සැළසුම් කෙරෙන්නේ.
ඒ අනුව ජීව දත්ත සටහන් එක් එක් සේවා යෝජකයන් වෙත යැවීම මෙන්ම, සම්මුඛ පරීක්ෂණ සඳහා ඔවුන් කැඳවීම තවත් පහසුවනු ඇති.
මේ සඳහා ලේබර් පක්ෂ රජය විසින් ඩොලර් මිලියන 9.1 ක මුදලක් වෙන් කිරීමට නියමිතයි.
වෘත්තීමය අධ්‍යාපනය අවසන් කර ශ්‍රම බලකායට පිවිසීමට අපේක්ෂා කරන්නන්ට අසීරුවකින් තොරව රැකියාවකට පිවිසීමටද මේ හරහා අවස්ථාව උදාවීම විශේෂත්වයක්.
ව්‍යාපාරික සංවිධාන රැසක් විසින් මීට පෙර මෙම යෝජනාවට සහය පළකර තිබුණා.