Search

Social Housing ආදායම් සීමා යළි සමාලෝචනයට QLD රජය සැරසෙයි

Social Housing හෙවත් සමාජ නිවාස සඳහා අයදුම් කල හැකි ආදායම් සීමා යළි සමාලෝචනය කිරීමට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අවසන් වරට මෙවැනි සමාලෝචනයක් සිදු කර ඇත්තේ 2006 වසරේදී වන අතර අනතුරුව වසර 20 කට ආසන්න කාලයක් ගතවීම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

සමාජ නිවාස සඳහා අයදුම් කල හැකි තනිකඩ පුද්ගලයින්ගේ සතියක ආදායම ඩොලර් 609 ක් ලෙස සීමා පනවා තිබෙනවා.

දරුවන් දෙදෙනෙකු සිටින පවුලක් සඳහා සතියක් තුළ ඉපැයිය හැකි ආදායම් සීමාව ඩොලර් 999 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

ආදායම් සීමා ඉක්මවා ගිය පුද්ගලයන් විසින් සමාජ නිවාස සඳහා යොමු කරන ලද අයදුම්පත් 469 ක් පසුගිය වසරේදී අවලංගු කිරීමටයි ක්වීන්ස්ලන්ඩ් රජයට සිදුවී තිබුණේ.

කෙසේවෙතත් අනෙකුත් ප්‍රාන්තවල තනිකඩ පුද්ගලයින්ගේ සතියක ආදායම් සීමා ඩොලර් 700 ත් 900 ත් අතර ඉහළ අගයකයි පවතින්නේ.

සමාජ නිවාස සඳහා වන සුදුසුකම් ඇතුලත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ද මේ වනවිට එළිදක්වා තිබෙනවා.

ඉදිරියේ දී සමාජ නිවාස ලැබීම සඳහා වන සුදුසුකම් සම්බන්ධ උපදේශන සේවාවක් ද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ආරම්භ කිරීමට නියමිතයි.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »