ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය 13% කට අඩුවෙයි

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය සියයට 13 දක්වා අඩුවී තිබෙනවා.

මෙය පසුගිය පෙබරවාරි මස දත්තවලට වඩා සියයට 0.3 ක අඩුවීමක් පමණක් වන බැවින් සැළකිය යුතු වර්ධනයක් නොවන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

සාමාන්‍යයෙන් මෙරට පුරුෂයින් ඩොලර් 01 ක් උපයන විට කාන්තාවන්ගේ ඉපැයීම ඩොලර් ශත 87 ක් ලෙසයි ගණන් බලා ඇත්තේ.

මේ අනුව පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 13,000 කින් පමණ අඩු අගයක් ගන්නා බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල දැක්වෙන්නේ.

අධ්‍යාපන, පුහුණු සහ සෞඛ්‍ය සේවා යන ක්ෂේත්‍රවල කාන්තාවන්ගේ වැටුප්තල සැළකිය යුතු අගයකින් ඉහළයෑම මෙම පරතරය යම්තාක් අඩුවීමට හේතුවී තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය මාස හයක කාලය සැළකීමේදී පතල් කැණීම්, මූල්‍ය හා රක්ෂණ සේවා, දේපළ සහ සිල්ලර වෙළඳාම් ඇතුලු අංශ ගණනාවක ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය තවත් වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ දත්ත පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »