Search

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවාවල කාර්යක්ෂමතාවය ගැන වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ වඩාත් කාර්යක්ෂම ගුවන් සේවය බවට ප්‍රධානතම ප්‍රාදේශීය ගුවන් සේවය වන Rex ගුවන් සේවය පත්වී තිබෙනවා.

සමස්ත ගුවන් වාර අතුරින් සියයට 77.9 ක් ඔවුන් නියමිතම වේලාවට ක්‍රියාත්මක කර ඇති අතර ගුවන් වාර අවලංගු කිරීම් ප්‍රතිශතය පැවතී ඇත්තේ සියයට 1.8 ක් ලෙසයි.

දෙවන ස්ථානයට ක්වන්ටාස් ගුවන් සේවයේ ප්‍රාදේශීය අංශය වන ක්වන්ටාස් ලින්ක් පත්වී ඇත්තේ සියයට 75 ක ප්‍රතිශතයක් සමගිනුයි.

ඔවුන්ගේ අවලංගු කිරීම් ප්‍රතිශතය සියයට 4.4 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

03 වන ස්ථානයට ක්වන්ටාස් ගුවන් සේවය පත්වී ඇත්තේ සමස්ත ගුවන් වාර අතුරින් සියයට 72.7 ක් නියමිතම වේලාවට ක්‍රියාත්මක කර තිබීමත් සමගයි.

ක්වන්ටාස් හි ගුවන් වාර අවලංගු කිරීම් ප්‍රතිශතය පැවතී ඇත්තේ සියයට 3.4 ක් ලෙසයි.

ස්කයිට්‍රාන්ස් ගුවන් සේවය 04 වන ස්ථානයටත් – ජෙට් ස්ටාර් ගුවන් සේවය 05 වන ස්ථානයටත් – වර්ජින් ගුවන් සේවය 06 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »