
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සඳහා සුදුසුකම් සහිත විදේශීය නිළධාරීන් 200 දෙනෙකු බඳවා ගැනීමට තීරණය වී තිබෙනවා.
ඒ අනුව මහා බ්‍රිතාන්‍යය – අයර්ලන්තය සහ නවසීලන්තයෙන් ඔවුන් බඳවා ගැනීමට නියමිතයි.
දැනට පවතින පුරප්පාඩු හැකි ඉක්මණින් සම්පූර්ණ කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

මීට අදාළව කැඳවා ඇති අයදුම්පත් සළකා බැලීම සහ වීසා ක්‍රියාදාමය මේ වනවිට ආරම්භ වී ඇති බව සඳහන්.
තෝරාගත් පිරිස් සඳහා ලබන වසරේ මැද භාගය වනවිට පුහුණුව ලබාදීමටයි නියමිතව ඇත්තේ.
