ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකු වන ටෝනි ඇබට් ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන ෆොක්ස් මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට නම් කර තිබෙනවා.
ලොව මාධ්‍ය ආයතන හිමිකාර දැවැන්තයෙකු වන රුපර්ට් මර්ඩොක් විසින් ෆොක්ස් මාධ්‍ය ජාලයේ සභාපති ධුරයෙන් ඉවත්වී දිනයකට පසු මෙම පත් කිරීම සිදුකිරීමද විශේෂත්වයක්.
ටෝනි ඇබට් ගේ නම් කිරීම සඳහා අනුමැතිය ලබාදීම මෙම වසර අවසානයේදී පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී සිදුකිරීමට නියමිතයි.
ෆොක්ස් මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ දළ වාර්ෂික වැටුප ඩොලර් ලක්ෂ 05 කට අධිකයි.
2013 සිට 2015 දක්වා ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කලේ ටෝනි ඇබට් විසිනුයි.