
ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාවට එරෙහි පාර්ශව හෙවත් NO කඳවුරට සහය දක්වන පිරිස් අද දිනයේදී ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා සංවිධාන කර තිබෙනවා.
එමෙන්ම අගමැති ඇන්තනී ඇල්බනීස් ඇතුලු ලේබර් පක්ෂය විසින් ද අවාසි සහගත ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ රැසක සති අන්තයේදී ප්‍රචාරණ කටයුතු පුලුල් කර තිබීම විශේෂත්වයක්.
මේ අතර රුසියාව ඇතුලු ඇතැම් විදේශීය බලවේග විසින් මෙම ගැටලුව මුල් කරගනිමින් ඔස්ටේ්‍රලියාව තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සාහ දරන බවටයි විපක්ෂ නායක පීටර් ඩට්න් අනතුරු අගවා සිටින්නේ.

එබැවින් කිසිදු විරෝධතාවයකට සහභාගී නොවන්නැයි ඔහු සියලු ජනතාවට දන්වා සිටිනවා.
