Search

කොවිඩ් විමර්ශනයේදී පාසල් වසා තැබීම් පිළිබඳවද විමසා බලන්නැයි ඉල්ලීමක්

කොවිඩ් වසංගත සමයට අදාළව සිදුකෙරෙන විමර්ශනයේදී පාසල් වසා තැබීම් පිළිබඳවද විමසා බලන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍ය තත්වය – අධ්‍යයන තත්වයේ පසුබෑම් වැනි දෑ පිළිබඳ එහිදී සොයා බැලිය යුතු බවටයි අදහස් පළවී ඇත්තේ.

ලොක්ඩවුන් සමයේ පාසල් වසා තැබීම් සමග සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සැළකිය යුතු අගයකින් කඩා වැටුණු බවටයි පාර්ශව රැසක් චෝදනා කරන්නේ.

කොවිඩ් වසංගත සමයේදී කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් ආරම්භ කිරීමට නියමිත මාස 12 ක් පුරා සිදු කෙරෙන විමර්ශනයේදී එවක පැවති ෆෙඩරල් රජය – ප්‍රාන්ත රජයන් සහ පළාත් පාලන ආයතන විසින් වසංගතයට මුහුණදුන් ආකාරය විමසා බැලෙනු ඇති.

රාජකීය කොමිෂන් සභාවක් යටතේ විමර්ශණ සිදු කිරීමේ දී වැඩි කාලයක් ගත වන හෙයින් ස්වාධීන මණ්ඩලයක් මගින් අදාල විමර්ශණය සිදුකිරීමටයි අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් තීරණය කර ඇත්තේ.

මෙම විමර්ශනය රාජකීය කොමිසමක් හා බලතල නොමැති වුවද වගකිව යුතු පාර්ශව කැඳවා සාක්ෂි ලබාගැනීමට අවස්ථාව පවතිනවා.

අනාගතයේ දී මෙවැනි තත්වයකට මුහුණ දීමේ දි ප්‍රමාණවත් එන්නත් නොමැති වීම් මෙන්ම ඖෂධ හිගයන් වලක්වා ගත හැකිද යන්න සම්බන්ධයෙන්ද එහිදි අවධානය යොමු වනු ඇති.