මෙල්බන් වරායේ නෞකාවක කොකේන් කිලෝ 200 කට වැඩි ප්‍රමාණයක්

මෙල්බන් වරායට පැමිණි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක තිබී කොකේන් කිලෝ 200 කට වැඩි ප්‍රමාණයක් හමුවී තිබෙනවා.

එහි වටිනාකම ඩොලර් මිලියන 80 කට අධික බවටයි තක්සේරු කර ඇත්තේ.

නෞකාවේ බඳෙහි ඉතා සූක්ෂම අයුරින් මෙම කොකේන් තොගය සගවා තිබී ඇති බව සඳහන්.

ඒ අනුව ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය විසින් දිය යට ක්‍රියාත්මක කල හැකි උපකරණයක් යොදවා සිදුකල විමර්ශනයකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත්තේ.

මෙම නෞකාව ආර්ජන්ටිනාවේ සිට නවසීලන්තය හරහා මෙල්බන් වෙත පැමිණ තිබූ අතර අනතුරුඩ දකුණු ඔස්ටේ්‍රලියාව සහ පර්ත් දක්වා ගමන් කිරීමටයි නියමිත වූයේ.

මෙය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක් විසින් සිදුකරන ලද්දක් බවටද ඔස්ටේ්‍රලියා ආරක්ෂක අංශ සැක පළකරනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »