සිඩ්නි වරාය පාලම මතින් ගමන් ගන්නා රථ වාහනවලින් අය කෙරෙන ගාස්තු වසර 14 කට පසු ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ලබන සිකුරාදා එනම් ඔක්තෝබර් 29 වනදා සිට සියයට 6.8 කින් මාර්ග ගාස්තු වැඩි කෙරෙනු ඇති.
සතියේ දිනවල කාර්ය බහුල වේලාවන් ලෙස නම් කර ඇති පෙරවරු 06.30 ත් 09.30 ත් අතර කාලයේදී මෙන්ම පස්වරු 04 ත් රාත්‍රී 07 ත් අතර කාලයේදී අය කෙරෙන ගාස්තුව ඩොලර් 04 සිට ඩොලඒ 04.27 දක්වා ඉහළ දමා තිබෙනවා.
කාර්ය බහුල නොවන වේලාවන් හිදී අය කෙරෙන ගාස්තුව ඩොලර් 03 සිට 03.20 දක්වාත් රාත්‍රී කාලයේ ගාස්තුව ඩොලර් 02.50 සිට 02.67 දක්වාත් වැඩි වනු ඇති.
මෙම අමතර ආදායම රියදුරන් 720,000 ක් සඳහා සතියකට ඩොලර් 60 ක උපරිම මාර්ග ගාස්තු සහනය ලබාදීම වෙනුවෙන් වෙන් කෙරෙන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කියාසිටියේ.