Search

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවක අනිවාර්ය කොවිඩ් එන්නත්කරණය ලබන සතියේ සිට ඉවතට

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවකයන් සඳහා පණවා තිබු අනිවාර්ය කොවිඩ් එන්නත්කරණය ලබන සතියේ සිට ඉවත් කර තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ සති 02 ක් පුරා සිදුකල අදහස් විමසීම්වලින් පසු මෙම තීරණය ගත් බවයි.

මේ අනුව අනිවාර්ය කොවිඩ් එන්නත්කරණය හමුවේ රැකියා අහිමි වූ සහ රැකියා අත්හැර ගිය ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවකයන්ට ලබන සතියේ සිට නැවතත් රැකියාවට වාර්තා කිරීමටද අවස්ථාව හිමිවනවා.

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවකයන් සඳහා අනිවාර්ය කොවිඩ් එන්නත්කරණය පණවනු ලැබුවේ 2021 වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

මේ අතර මෙම රෙගුලාසිය ඉවත් කිරීමට ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ ඉක්මන් වී ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »