Search

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 72% ක් පාසැල් නිවාඩුව තුළ සංචාරයකට සැරසෙයි

පාසැල් නිවාඩු ආරම්භවීමත් සමග ගුවන් තොටුපල තුල මෙන්ම ඒ ආශ්‍රිත මහා මාර්ග වල දැඩි තදබදයක් ඉදිරි දිනවලදී පැවතිය හැකි බවට සිඩ්නි වැසියන්ට අනතුරු අගවා තිබෙනවා.

සති අන්තය එළැඹීමත් සමග මෙම තත්වයෙහි ඉහළයාමක් අපේක්ෂා කෙරෙන බවටයි රථවාහන අංශ විසින් ජනතාව දැනුවත් කර ඇත්තේ.

මාර්ග තදබද සහ ගුවන් ගමන් ප්‍රමාද සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබද අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් විසින් ජනතාව දැනුවත් කර තිබෙනවා.

ගුවන් තොටුපළට අමතර වේලාවක් ඒ සඳහා වෙන් කරන ලෙසට ද ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 72 ක් පමණ පාසැල් නිවාඩු කාලය තුළ නිවාඩුවක් සඳහා පිටත්ව යාමට සුදානම් බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

එම අගය පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව දෙගුණයක පමණ වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.

ඉන් සියයට 36 ක් ප්‍රාන්තයෙන් පිටත සංචාර සඳහා යොමුවීමට කැමැත්තෙන් පසුවන අතර සියයට 26 ක් ප්‍රාන්තය තුළම විවේකීව ගත කරනු ඇති.

සියයට 24 ක කැමැත්ත ගෝල්ඩ් කෝස්ට් වෙත ගමන් කිරීම වන අතර සියයට 12 ක් පමණ විදේශ සංචාර සදහා යොමුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »