ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවෙන් 80% ක් නිවාස සිහිනය අත්හරී

ඉහළ යන ජීවන වියදම හමුවේ තමන්ටම කියා නිවසක් මිලදි ගැනීමේ හැකියාව ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවගෙන් ගිලිහී ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා.

පුද්ගලයකුගේ වාර්ෂික වැටුපට සාපේක්ෂව නිවාස මිළ ගණන් දස ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සමීක්ෂණය සදහා ප්‍රතිචාර දැක්වුවන්ගෙන් සියයට 80 ක්ම නිවාස මිලදී ගැනීමේ සිහිනය අත්හැර දමා ඇති බව ද හඳුනාගෙන තිබෙනවා.

නිවාසයක් මිළදී ගැනීමට වඩා කුළී නිවසක ජිවත්වීම සතුටුදායක බව ද ඇතැම් පාර්ශව පවසා තිබෙනවා.

සිඩ්නි නුවර නව නිවසක සාමාන්‍ය මිල මේ වනවිට ඩොලර් මිලියන 1.3 ඉක්මවා ඇති අතර බි්‍රස්බන්, මෙල්බන් සහ කැන්බරා හි නව නිවසක මිල ඩොලර් ලක්ෂ 08 ඉක්වමා තිබෙනවා.

පොලී අනුපාතික ඉහළ යෑම, භාණ්ඩ හා සේවා ගාස්තු වැඩිවීම්, එදිනෙදා වියදම් මෙන්ම අධ්‍යාපනික වියදම් සැලකිල්ලට ගනිමින් නිවාස මිලදි ගැනීමේ සිහිනය තරුණ ප්‍රජාවගෙන් ඉවත්ව ගොස් ඇති බව සදහන්.

අධික ජීවන වියදම සහ විරැකියාව හේතුවෙන් තරුණ ප්‍රජාව දැඩි ආතතියකින් පසුවන අතර මේ සදහා පිළියම් සෙවීමට නව සැලසුම් ක්‍රියාත්මක කරන බවද ෆෙඩරල් රජය සඳහන් කර තිබෙනවා.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »