ගුවන් සේවා සඳහා සීමා එපා – සෙනෙට් විමර්ශනයේදී ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සියල්ල ගුවන් සේවා සමාගම් සඳහා සීමා රහිතව විවර කිරීම මගින් ගුවන් ගාස්තු අඩු කර ගත හැකි බව ඵලදායිතා කොමිසම පවසනවා.

අමතර ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට කටාර් ගුවන් සේවය කල ඉල්ලීම ප්‍රතික්ශේප කිරීමට අදාළව පැවැත්වෙන සෙනෙට් විමර්ශනයේදී අදහස් දක්වමිනුයි ඵලදායිතා කොමිසම මේ බව සදහන් කර තිබුණේ.

ෆෙඩරල් රජය විසින් ගෙන ඇති ඒකාධිකාරි තීන්දුව හමුවේ මෙරට ආර්ථිකයට සිදුවු හානිය ඩොලර් මිලියන 500 ත් බිලියන 01 ත් අතර වන බවට තක්සේරු කර ඇති බවද කොමිසම පෙන්වා දෙනවා.

මෙල්බන් – පර්ත් සහ බ්‍රිස්බන් ගුවන් තොටුපළවෙත සතියකට අමතර ගුවන් වාර 21 ක් ක්‍රියාත්මක කිරීම සඳහා කටාර් ගුවන් සේවය කල ඉල්ලීම ප්‍රතික්ශේප කරමින් ෆෙඩරල් රජය සදහන් කලේ ජාතික ආරක්ෂාව සළකා එම තීරණය ගත් බවයි.

කෙසේවෙතත් කටාර් ගුවන් සේවයේ මැදපෙරදිග ප්‍රධාන තරගකාරී ගුවන් සේවය වන එමිරේට්ස් සමග සහයෝගීතාවයක් පවත්වාගෙන යන ක්වන්ටාස් ගුවන් සේවයේ බලපෑම මත එම තීරණය ගෙන ඇති බවටයි බොහෝ පාර්ශව චෝදනා නගන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ එමගින් ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංචාරකයින් ගණන සීමා වීම මෙන්ම ගුවන් ගාස්තු අධික ඉහළ අගයක පැවතීමටද හේතුවී ඇති බවයි.

මෙම සෙනෙට් විමර්ශණය තවදුරටත් ක්‍රියාත්මකයි.

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »