NSW කෙටිකාලීන නවාතැන් ආයතනවලිනුත් බද්දක් අයකෙරෙන ළකුණු

කෙටිකාලීන නවාතැන් සේවා සපයන ආයතන වලින් බද්දක් අයකිරීම කෙරෙහි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන්ගේද අවධෘනය යොමුව තිබෙනවා.

Airbnb සහ Stayz වැනි සේවා සපයන ආයතන වෙත දිගුකාලීන නවාතැන් පහසුකම් සැපයීම සඳහා පෙළඹවීමයි එහි අරමුණ වන්නේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් පැවසුවේ එමගින් නිවාස අර්බුදයට විසඳුමක් ලැබෙන අතරම ප්‍රාන්ත රජයේ ආදායමද ඉහළ යන බවයි.

වික්ටෝරියා ප්‍රාන්තය විසින් කෙටිකාලීන නවාතැන් සේවා සපයන ආයතන වෙත සියයට 7.5 ක බද්දක් පැණවීමට මේ වනවිටත් තීරණ

යෝජිත එම බදු ක්‍රම අධ්‍යයනය කරන ලෙසයි නිවු සවුත් වේල්ස් භාණඩාගාර ලේකම්වරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

පසුගිය මැයි මස වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කෙටි කාලීන නවාතැන් සේවා සපයන ස්ථාන 45,209 ක් ලියාපදිංචි වී ඇති අතර එය 2021 දෙසැම්බර් මස සිට 13,000ක වැඩිවිමක් බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කර ඇත්තේ අදාල නව බදු මුදල් මගින් වාර්ෂිකව ඩොලර් මිලියන 70 ක අමතර ආදායමක් අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් නව බදු යෝජනා වලට සහය නොදක්වන බවයි නිවු සවුත් වේල්ස් විපක්ෂ නායකවරයා සදහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »