“Rex” මාර්ග 07 ක ගුවන් ගමන් කපා හරී

ඔස්ට්‍රේලියාවේ විශාලතම ප්‍රාදේශීය ගුවන් සේවය වන Rex ගුවන් සේවය විසින් මාර්ග 07 ක ගුවන් ගමන් කපා හැරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සිඩ්නි සිට නිවු සවුත් වේල්ස් හි ගමනාන්ත 07 ක් දක්වා සිදුකල ගුවන් ගමන් මාස 06 ක කාලයක් සඳහා අඩු කිරීමටයි තීරණය වී ඇත්තේ.
  • Sydney-Albury
  • Sydney-Coffs Harbour
  • Sydney-Griffith
  • Sydney-Narrandera
  • Sydney-Orange
  • Sydney-Parkes
  • Sydney-Port Macquarie
එමෙන්ම ක්වීන්ස්ලන්ඩ් දක්වා ක්‍රියාත්මක කල එක් ගුවන් ගමන් වාරයක් ස්ථිරවම නතර කිරීමටද ඔවුන් පියවර ගෙන තිබෙනවා. Cairns-Bamaga මෙමගින් මගී ජනතාවට සිදුවිය හැකි බලපෑම හැකිතාක් අවම කිරීමට පියවර ගෙන ඇති බවයි ගුවන් සේවය සඳහන් කලේ. ගුවන් නියමු හිගය මීට මූලික හේතුව බවටද අනාවැකි පළවනවා.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »