කුකුල් මස් සේවක වර්ජනය දිග්ගැස්සෙන ළකුණු

මෙම සතිඅන්තයේ රට තුල කුකුල් මස් ආශ්‍රිත නිශ්පාදනවල හිගයක් ඇති විය හැකි බවත් එය AFL ඇතුලු ක්‍රීඩා තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට දැඩි අසීරුතාවයක් වනු ඇති බවටත් අනතුරු ඇගවෙනවා.

වැටුප් වැඩි කිරීම් ඇතුලූ ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ප්‍රධාන කුකුල්මස් නිශ්පාදන සමාගමක සේවකයින් 1,000 කට වැඩි පිරිසක් අද උදාසන සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබීම ඊට හේතුවයි.

ඒ අනුව සුපිරි වෙළඳසැල් සහ ප්‍රධාන පෙළේ ක්ෂණික ආහාර අවන්හල් ජාල රැසකට බලපෑම් ඇතිවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් සුපිරි වෙළඳසැල් ජාල කිහිපයක්ම සඳහන් කර ඇත්තේ දැනට තම අලෙවිසැල් තුල කුකුල්මස් ආශ්‍රිත නිශ්පාදනවල හිගයක් නොමැති බවයි.

සේවකයින් හට පැයකට ලැබෙන වැටුප තවත් ඩොලර් 1.5 කින් වැඩි කර දීම සහ මාස 06 ක කොන්ත්‍රාත් සේවා කාලයෙන් පසු රැකියා ස්ථිර කර දෙන ලෙස ඉල්ලමිනුයි සේවකයින් වාත්තීය ක්‍රියාමාර්ග වලට පිවිස ඇත්තේ.

මෙම සංකේත වර්ජනය පැය 24 කට සීමා වුවද සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා ඉදිරියේදී දින 05 ක වර්ජනයකට යොමුවීමට අපේක්ෂා කරන බවයි අදාළ කුකුල්මස් නිශ්පාදන සමාගමෙහි සේවකයින් අවධාරණය කර ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »