ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 04 න් එකක් වන කොමන්වෙල්ත් බැංකුව විසින් ලබන ඔක්තෝබර් පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු කිහිපයක් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ව්‍යාපාර ගණුදෙනු ගිණුම් හිමියන් සඳහා කවුන්ටර් සේවාවලදී මෙතෙක් අයකල ඩොලර් 03 ක ගාස්තුව එදින සිට ඩොලර් 05 ක් දක්වා ඉහළ දැමෙනු ඇති.
චෙක් තැන්පත් ගාස්තුවද ඩොලර් 03 සිට 05 දක්වා වැඩි කිරීමට නියමිතයි.
ක්ෂණික මුදල් මලු සේවාව සඳහා මෙතෙක් අයකල ඩොලර් 03 ක ගාස්තුව ඩොලර් 10 දක්වා ඉහළ දමා තිබීම විශේෂත්වයක්.
ඔන්ලයින් සේවා ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන අරමුණ බවයි කොමන්වෙල්ත් බැංකුව නිවේදනය කර සිටින්නේ.
කෙසේවෙතත් ගතවූ මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 10 ක දැවැන්ත ලාභයක් ලබා ඇති වාතාවරණයකදී මෙලෙස ගණුදෙනුකරුවන්ගෙන් ඉහළ ගාස්තුවක් අය කිරීම සම්බන්ධයෙන් කොමන්වෙල්ත් බැංකුවට චෝදනාවක්ද එල්ලවනවා.