Search

වැරදි සහගත ගාස්තු අයකල චෝදනා මත NAB බැංකුවට $ මිලියන 2.1 ක දඩයක්

ගණුදෙනුකරුවන්ගෙන් වැරදි සහගත ලෙස ගාස්තු අයකර ගැනීමේ චෝදනා මත NAB බැංකුවට ඩොලර් මිලියන 2.1 ක දඩයක් පණවා තිබෙනවා.

2017 ජනවාරි සිට 2018 වසරේ ජූනි දක්වා කාලය තුළ මෙලෙස අයථා අන්දමින් ගාස්තු අයකරගෙන ඇති බව සඳන්.

NAB බැංකුවෙන් විවිධ සේවා ලබාගෙන ගෙවීම් අවසන් කල පාරිභෝගිකයන්ගෙන් පවා මෙලෙස නැවත නැවතත් විවිධ ගාස්තු අයකරගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

අවස්ථා 74,593 කදී එලෙස අයකරගෙන ඇති මුදල ඩොලර් 139,845 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

පුද්ගලික ගණුදෙනුකරුවන් මෙන්ම ව්‍යාපාරික ස්ථානවලින් පවා මෙලෙස ගාස්තු අයකරගෙන ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් NAB බැංකුව පවසන්නේ පරිඝණක පද්ධතියේ දෝෂයක් මීට බලපා තිබු බවයි.

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »