ක්වන්ටාස් ගුවන් සේවය මගින් මෑතකාලීනව ගුවන් මගීන්ට අත්විඳීමට සිදුවූ අපහසුතා පිළිබඳ සමාගමේ නව ප්‍රධාන විධායක නිළධාරිනී වැනේසා හඩ්සන් විසින් සමාව අයැද තිබෙනවා.
ගුවන් මගීන් සහ සේවකයන් යන පාර්ශව දෙකටම බලපා ඇති සියලු ගැටලු කඩිනමින් විසඳා අවසන් කරන බවටයි ඇය සහතික වන්නේ.
ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය කෙරෙහි පලුදු වී ඇති මහජන විශ්වාසය ඇති කරවීම ප්‍රධාන අපේක්ෂාව බවයි ප්‍රධාන විධායක නිළධාරිනිය කියාසිටියේ.
මෙම සියලු ප්‍රතිසංස්කරණ සඳහා ඇතැම්විට සැළකිය යුතු කාලයක් ගතවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙසටද ඇය සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කරනවා.
සමාගමට අවාසි සහගත නඩු තීන්දු මෙන්ම කටාර් ගුවන් සේවය සම්බන්ධ අර්බුදය හමුවේ ක්වන්ටාස් ගුවන් සේවය මේ වනවිට කිසියම් පසුබෑමකට පත්ව සිටින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.