Aldi අඛණ්ඩව 03 වන වසරටත් හොඳම වෙළඳසැල් ජාලය වෙයි

මෙම වසරේත් ඔස්ට්‍රේලියාවේ හොඳම සුපිරි වෙළඳසැල් ජාලය බවට Aldi වෙළඳසැල් ජාලය පත්වී තිබෙනවා.

සුප්‍රකට වෙළඳ සමීක්ෂණ ආයතනයක් වන රෝයි මෝර්ගන් විසින් සිදුකරනු ලැබූ සමික්ෂණයකදීයි එය අනාවරණ වී ඇත්තේ.

Aldi විසින් අඛණ්ඩව මෙම නම්කිරීම හිමිකර ගත් 03 වන අවස්ථාව මෙයයි.

සෙසු සුපිරි වෙළඳසැල්වලට සාපේක්ෂව Aldi විසින් පාරිභෝගිකයන්ට වට්ටම් ලබාදීම හමුවේ පාරිභෝගික ප්‍රසාදය ඉහළ මට්ටමක පවතින බව මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

2022 වසරේදී පමණක් ඔවුන් විසින් පිරිනමන ලද වට්ටම් හා දීමනා හමුවේ පාරිභෝගිකයන් විසින් ඉතිරි කරගත් මුදල ඩොලර් බිලියන 3.1 ක් ලෙසටද තක්සේරු කර ඇති බවයි රෝයි මෝර්ගන් සමීක්ෂණ ආයතනය සඳහන් කලේ.

මෙවර සමීක්ෂණයේදී අදාළ ක්ෂේත්‍ර අනුව කොමන්වෙල්ත් බැංකුව – Subway – ක්වන්ටාස් ගුවන් සේවය යන ආයතනද ඉහළ නම් කිරීම්වලට ලක්ව සිටිනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »